ගම්පහ ප්‍රදේශයේ සිඳුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට..

ගම්පහ, කෙහෙල්බද්දර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

අද (06) උදෑසන 08.30 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇත.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාල පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ කෙහෙල්බද්දර, උඩුගම්පල ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි අයෙකි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top