පළාත් පාලන මැතිවරණය සඳහා ලබන සිකුරාදා පාසල් නිවාඩු

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට ලබන (09) සිකුරාදා දින නිවාඩු ලබාදී තිබේ.

තවද, ඡන්ද පෙට්ටි හා අනෙකුත් ලිපි ද්‍රව්‍ය නිකුත් කිරීමේ හා භාර ගැනීමේ රාජකාරි කටයුතු සඳහා යොදා ගැනීමට නියමිත පාසල් 19 ක් හා අධ්‍යාපන විද්‍යාපීඨ දෙකක් 2018 පෙබරවාරි මස 07, 08 සහ 09 යන දිනවලදී ද වසා තැබීමට නියමිතයි අතර, වසා තැබෙන සියලු ම පාසල් හා අදාළ විද්‍යාපීඨ 2018.02.12 වන සඳුදා දින නැවත විවෘත කරන බව ද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top