පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැළි අදින් අවසන්..

ලබන 10 වනදා පැවැත්වීමට නියමිතව ඇති මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රචාරක රැස්වීම් සියල්ල අද (07) මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් ජනරැළිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේදී සහ අකුරැස්‌සේදී හෙට පැවැත්වීමට නියමිතව තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ අවසන් ජන රැළිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ග්‍රෑන්ඩ්පාස්‌ හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අවසන් ජන රැලිය කුරුණෑගලදී පවත්වනු ඇත.

ජනතා විමුක්‌ති පෙරමුණ සිය අවසන් රැලිය මහරගමදී පවත්වන අතර ඒ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top