සිලාවතුර ප්‍රදේශයේදි ගංජා තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

ගංජා කිලෝ ග්‍රෑම් 160කට ආසන්න තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු සිලාවතුර, සවරියපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නරම් කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී එම ගංජා තොගය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිලාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්ය. ඔවුන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top