SRILANKAN NEWS

මැතිවරණ රාජකාරි පැහර හරින නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

මෙවර පළාත් පාලන මැතිවරණයේ රාජකාරී සඳහා නොපැමිණෙන නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග වලට එළඹෙන බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටියි.

මැතිවරණ රාජකාරි පැහර හරින නිලධාරීන්ට මැතිවරණ නීතිය යටතේ වසර 3 ක උපරිම සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වා දඩයක් මැතිවරණ කොමිසමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව ලබාදීමට කටයුතුකළ හැකි බව ද සඳහන් කර තිබේ.

මැතිවරණ රාජකාරී සදහා යොදවා ඇති ඇතැම් රජයේ නිලධාරින් විවිධ සාධාරණ නොවන හේතු ඉදිරිපත් කරමින් මැතිවරණ රාජකාරී සදහා සහභාගි නොවීමට කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කර සිටියි.