වැලිමඩ දී කසල තේ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

වැලිමඩ, පුහුල්පොල ප්‍රදේශයේදී කසල තේ ප්‍රවාහනය කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිමඩ පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකින් කැබි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කසල තේ කිලෝ ග්රෑම් 267ක් සමග සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ගුරුතලාව ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු අද වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර වැලිමඩ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top