බංග්ලාදේශ හිටපු අගමැතිනිට වසර පහක සිර දඞුවමක්..

බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය බෙගම් කලීඩා සියාට වසර 5 ක සිරදඬුවම් නියම වී තිබේ.

ඒ ඇයට එල්ල වී තිබූ දූෂණ චෝදනාවලට අධිකරණය හමුවේ වරදකාරිය වීම හේතුවෙනි. බංග්ලාදේශයේ ඩකා අගනුවර අධිකරණයකදී අද මෙම තීන්දුව ලබා දී තිබේ.

එම තීන්දුවට විරෝධය පළ කරමින් ඇයගේ ආධාරකරුවන් විශාල පිරිසක් අධිකරණය ඉදිරිපිට රැස්ව සිටි අතර, ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර ද එල්ල කළ බව විදෙස් වාර්තාවල සඳහන් ය.

නඩුවට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ, එම පිරිස විසුරුවා හැරීමෙන් අනතුරුව ය. ළමා සුබසාධන කටයුතු සඳහා ලැබුණු අනතර්ජාතික මූල්‍ය පරිත්‍යාග අනිසි ලෙස භාවිත කළ බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබිණ.

නමුත් එම චෝදනා දිගින් දිගට ම ප්‍රතික්ෂේප කරන බංග්ලාදේශ හිටපු අගමැතිනිය (72) කියා සිටින්නේ, මෙය දේශපාලන පළි ගැනීමක් බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top