පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතා සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා වෙනුවෙන් කර ඇති ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සිය දෙපාර්තමේන්තුව දැඩි විරුද්ධත්වය දක්වන බව නීතිපති දෙපාර්තමේන්තුව අද ලිඛිතව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට කරුණු දක්වා තිබේ.
දෙපාර්ශවයේ විසින් කර ඇති සියලු කරුණු සළකා බලා එම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන පෙබරවාරී 16 වන දා පස්වරු 2කට නිකුත් කරන බවට මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබා ගත් රහස්‍ය තොරතුරු උපයෝගී කර ගනිමින් නීතියානුකූල නොවන ආකාරයෙන් රුපියල් කෝටී 9147 ක මුදලක් උපයා ගැනීම රජයට අලාභ කිරීම හා අනුබල දීම යන චෝදනා යටතේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.