හලාවත ප්‍රධාන මාර්ගයේ සිඳුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගයේ ගල්කන්ද දුම්රිය හරස් මාර්ගය අසලදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

කන්ටේනර් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.

අනතුරින් බරපතල තුවාල ලැබූ අදාළ පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 65 හැවිරිදි පුද්ගලයෙකි. අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top