කදුරුවෙල ප්‍රදේශයේ සිඳුවූ ගැටුමකින් සිව් දෙනෙකු රෝහලට

පළාත් පාලන මැතිවරණය පැවැති (ඊයේ 10) රාත‍්‍රී 9.20 ට පමණ පොලොන්නරුව කදුරුවෙල, ගල්ලෑල්ල ප‍්‍රදේශයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජාතික සාම සන්ධානයේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී ජාතික සාම සන්ධානයේ ආධාරකරුවන් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.

තුවාලකරුවන් සියලූම දෙනා ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. මොවුන් අතර කාන්තාවක ද සිටින බව පොලිසිය සඳහන් කරයි.

ගැටුමේදී තුවාල ලැබූවන් සියලූම දෙනා කදුරුවෙල ගල්ලෑල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

මෙම පහරදීම සිදුකළ බව කියන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු පැවසූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top