ජාතික ආණ්ඩුව 2020 දක්වා පවත්වාගෙන යාමට තීරණය කෙරේ

වත්මන් ජාතික ආණ්ඩුව 2020 වසර දක්වාම පවත්වාගෙන යෑමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. මැතිවරණ ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මේ දක්වාම නිශ්චිත තීරණයක් ගෙන නොමැත.

කෙසේ නමුත් ජාතික ආණ්ඩුවේ ප්‍රධානතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයයි විසින් මෙම තීරණය ගෙන ඇති අතර, එම තීරණය එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ සිටින සියලු පක්ෂවල නායකයන්ට ද දැනුම් දී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉහත තීරණය දැනුම් දීම සඳහා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ද නියමිත බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top