SRILANKAN NEWS

මහින්ද පාලනය යළි රටට අවශ්‍ය බව ජනතා පෙන්වා දී තිබෙනවා – ගෝඨාබය රාජපක්‍ෂ

මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය තුළින් පෙන්වා දී ඇත්තේ, මහින්ද රාජපක්ෂ පාලනයක් මෙරටට යළි අවශ්‍ය වී ඇති බවට ජනතාව තුළ මතුව තිබෙන අදහස් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. ඇමෙරිකාවේ රැදී සිටි ඒ මහතා, අද (12) උදෑසන කාලයේ මෙරටට පැමිණි අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී මාධ්‍යෙව්දීන් වෙත සිය අදහස් දක්වමින් මෙම අදහස් පළ කරන ලදී.

තමන්ට මෙරට දේශපාලනයට සම්බන්ධවීම සදහා අදහසක් නොමැති බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර ඇත.