SRILANKAN NEWS

නිමල් සිරිපාලව අගමැති කරන්නැයි ඉල්ලීමක්..

නව ශ්‍රීලනිප ආණ්ඩුවේ අගමැති තනතුරට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා යෝජනා වී තිබේ. ශ්‍රීලනිල ජ්‍යෙෂ්ඨයෝ බහුතරය එක්රැස්කරගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටිති.

නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන සිකුරාදා (16 වැනිදා) තමන්ගේ බහුතරය පෙන්වීමට සූදානම් වන බව ද වාර්තාවේ.

නව ආණ්ඩුව පිහිටුවීමේදී ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවේ තනතුරු වගකීම් භාර නොගෙන සහය දැක්වීමට එකඟතාව පලවී අතර, කතා නායකවරයා ලෙස චමල් රාජපක්‍ෂ මහතාව පත් කිරීමට ද යෝජනා කර ඇති බව වාර්තාවේ.