අපගේ දුක් වේදනාව වටහාගෙන මහින්ද අපේ ඥාතීන්ව නිදහස් කරන්නේ නම් පිළිගන්නෙමු යැයි ලීලාදේවී පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී අප ඥාතීන් අතුරුදන්වුනා. වත්මන් ජනාධිපතිවරයාගේ කාලයේදී එයට යුක්තිය ඉල්ලා සත්‍යග්‍රහයක නිරතව සිටින අවස්ථාවක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය කාලයේ දෙමළ ජනතාවට සිඳුකළ ද්‍රෝහිකම, වැරදිවලට දුකට පත්වී අතුරුදන්වූ අපගේ ඥාතීන්ව නිදහස් කර දෙන්නේ නම් අපි එය පිළිගන්නවා. අපට අවශ්‍ය අපගේ දරුවන්ය. යැයි කිලිනොච්චියේ අතුරුදන්වූවන් ඥාතීන්ගේ සංගමයේ සම්බන්ධීකාරක ලීලාදේවි ආනන්දරාජා පවසා තිබේ.
අද (17) දින අතුරුදන්වූවන්ගේ ඥාතීන් කිලිනොච්චියදී පවත්වාගෙන සත්‍යග්‍රහයට එක්වෙමින් මාධ්‍යට අදහස් ප්‍රකාශ කළ ඇය මේ බව පවසා තිබේ.
අතුරුදන්වූවන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිට හා වත්මන් ජනාධිපතිවරයා අතර වැඩි වෙනසක් නැහැ. දැන් පවතින තත්වයට අනුව වෙනසකට තිබෙන්නේ අපි සත්‍යග්‍රහය කිරීම පමණයි. දකුණේ ඇතිවී තිබෙන දේශපාලන වෙනසකින් අප ඥාතීන්ව සොයන මෙම අරගලයට බලපෑමක් එල්ලවිය හැකි නමුත් අපි අපගේ ජීවිතය පරදුවට තබා අරගල කරනවා. අපගේ ජීවිතය ලබා දෙන්නේ නම් අතුරුදන්වූවන්ව ලබා දෙනවා යැයි කියන්නේ නම් අප ජීවිතයට ලබාදීමට ද අපගේ මව්වරුන් සූදානමින් සිටිනවා යැයි ඇය වැඩිදුරටත් පවසා තිබේ.
Add Comment