උමාඔය ව්‍යාපෘතියේ වැල්ලවාය කොටසේ සේවකයන් වැඩ වර්ජනයක

උමාඔය ව්‍යාපෘතියේ වැල්ලවාය කොටසේ ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන්, රියදුරන් සහ කම්කරුවන් අද (17) වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ තමන්ට හිමි වැටපු වැඩි කරන ලෙස සහ නිසි වේලාවට වැටුප් ලබාදෙන ලෙස බල කරමිනි. මේ හේතුවෙන් උමාඔය ව්‍යාපෘතියේ පහළ නිම්නයේ වැඩකටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත.

සිය ගැටලුවලට විසඳුමක් ලබාදෙනතෙක් අඛණ්ඩව මෙම වැඩවර්ජනය සිදුකරන බව වර්ජනයට එක්වූ සේවකයෝ පවසති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top