අර්ජුන මහේන්ද්‍රන් දිවයිනට එයි

arjuna-mahenthiran - අර්ජුනවිදේශ ගතව සිටි හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අද (03) පස්වරුවේ දිවයිනට පැමිණි බව වාර්තාවේ.

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ නුවර පැවති විවාහ මංගල්‍යයක් වෙනුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා විදේශ ගතවිණි.

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා සෘජුව වගකිව යුතු බව පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් කමිටු වාර්තාවෙන් අනාවරණය කෙරුණි.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා විදෙස් රටකට පලා ගොස් ඇති බවට ඒකාබද්ධ විපක්‍ෂය විසින් පසුගියදා චෝදනා කර තිබුණි.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top