ආබාධිත විරුවෙක් මාරාන්තික උපවාසයකට

විරෝධතා - උද්ඝෝෂණසේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා අඛණ්ඩ විරෝධතාවයේ නිරතව සිටින ආබාධිත රණවිරුවෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය විසින් පසුගිය 31 වන දා සිට කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී ආරම්භ කරන ලද විරෝධතාවය අද (03) දිනය තුළදීද ක්‍රියාත්මක වන අතර එම විරෝධතාවයේ යෙදී සිටින ආබාධිත රණවිරුවෙකු අද දහවල් සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

සිය ඉල්ලීම සඳහා පිළිගත හැකි විසඳුමක් ලබා දෙන තුරු සිය විරෝධතාව අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ‘රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය‘ පවසා තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top