බැදුම්කර සිද්ධිය ගැන ස්වාධීන විමර්ශනයක් සිදුවිය යුතුයි – ජනාධිපති

maithri මෛත්‍රීමහ බැංකු බැඳුම්ක සිද්ධිය ගැන ස්වාධීන විමර්ශණයක් පැවැත්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක්, දේශපාලන ඇගිලි ගැසීම් වලින් තොර අපක්ෂපාතී අධිකරණයක් ඔස්සේ සිදුවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විවිධ දේශපාලඥයින් මත පළ කළද අපක්ෂපාතීව මෙම පරීක්ෂණ කටයුතු පැවැත්වීමට අවශ්‍ය වටපිටාවක් සකස් විය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top