ලාෆ් සහ ලිට්‍රෝ ගෑස් මිල ඉහළට?

ගෑස් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ගෑස් සමාගම් පවසයි.

ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩි කිරීමට ගෑස් සමාගම් විසින් කරන ලද ඉල්ලීම පිළිබදව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසා සිටියි.

ලාෆ් සහ ලිට්‍රෝ ගෑස් සමාගම් ජීවන වියදම් කමිටුවෙන් ඉල්ලා ඇත්තේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් ඉහළ දැමීමට අවසර ලබා දෙන ලෙසත්, දැනට පවතින තත්ත්වය හමුවේ ගෑස් මිල ඉහළ දැමීමට කටයුතු නොකරන්නේ නම් ගෑස් සමාගම් වසා දැමීමට සිදුවන බව එම සමාගම් පෙන්වාදෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top