සිරියාවේ ඝූටා නගරයට එල්ල වූ ප්‍රහාරවලින් 250කට අධික පිරිසක් ජීවිතක්‍ෂයට

සිරියාවේ ඝූටා නගරයට දින දෙකක් පුරා එල්ල වූ ප්‍රහාරවලින් 250කට අධික පිරිසක් ජීවිතක්‍ෂයට පත්ව ඇති බව වාර්තාවේ. ජීවිතක්‍ෂයට පත්වූවන් අතර ළමයින් පනස් දෙනෙකු සිටින බවයි මානව හිමිකම් නිරීක්‍ෂකයින් පවසයි.

2013 වසරෙන් පසුව නැගෙනහිර ඝූටා නගරයේ සිදුවූ දරුණුතම ප්‍රචණ්ඩ ක්‍රියාව මෙය බවත්, ප්‍රදේශයේ තත්ත්වය පාලනය කළ නොහැකි බවයි ජගත් සංවිධානය සඳහන් කරයි.

මේ අතර උතුරුදිග සිරියාවේ කුර්දි සටන්කරුවන්ට පහර දීමට සැලසුම් කර සිටින තුර්කි හමුදාවන්ට මුහුණ දීමට සිරියා හමුදාව සූදානමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top