කහගොල්ලේදී බස් පිපිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවෙයි

දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී අද (21දා) අලුයම බස් රථයක ඇතිවූ පිපිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව තහවුරු කරන්නේ යැයි ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මගී ප්‍රවාහන බස් රථයක සිඳුවූ මෙම පිපිරීමත් සමග ඇති වූ ගින්නෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 19 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අතර හමුදා සාමාජිකයින් 12 දෙනෙකු ද සිටින බව හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කරයි.

මෙම බස් රථයේ ගමන් කළ ආරක්ෂක අංශ සාමාජිකයෙකු ළඟ කිසියම් පුපුරන ද්‍රව්‍යක් තිබී එය පිපිරී ඇති බවට පොලිසිය මේ වන විට සැක පහල කරයි. සියලු තුවාලකරුවෝ මේ වන විට දියතලාව රෝහලට ඇතුළත් කර සිටිති.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, සිද්ධිය වූ ස්ථානයට රජයේ රස පරීක්ෂක නිලධාරීන් කැඳවා ඇති බව යි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top