උතුරේ අවතැන්වූ ජනතාවට ස්ථීර නිවාස 50 දාහක්..

යුද ගැටුම් හේතුවෙන් අවතැන් වූ උතුරේ ජනතාව වෙනුවෙන් ස්ථීර නිවාස 50,000ක් ඉදිකිරීමට රජය තීරණය කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

යුද ගැටුම් හේතුවෙන් වව්නියාව, මන්නාරම, යාපනය, කිලිනොච්චිය හා මුලතිව් යන දිස්ත්‍රික්කවල අවතැන්වූ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු සිඳුකර ඇති අතර, එම ජනතාවට ස්ථීර නිවාස පහසුකම් ලබාදීමේ වැඩපිළිවලක් රජය විසින් යෝජනා කර ඇති බවත්, එය මෙම වසර තුළ ඉදිකර දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවද හෙතෙම පවසා තිබේ.

මෙමඟින් උතුරේ යළි පදිංචිකළ පවුල්වල හා යුද ගැටුම්වලින් විපතට පත් පවුල්වල නිවාස ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳී යන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top