2018 වර්ෂයට අදාළ උසස් පෙල අයදුම්පත් භාර ගැනීම හෙටින් අවසන්

2018 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගය සදහා අයදුම්පත් භාර ගැනීමේ කාලය හෙට (23) අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඒ අනුව පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් විදුහල්පතිවරුන් මගින් ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් අදාළ අයදුම්කරුවන් විසින් ද හෙට දින වන විට විභාග දෙපාර්තමේන්තුවට යොමු කළ යුතු බව දැනුම් දී තිබේ.

හෙටින් පසුව ඉදිරිපත් කෙරෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරන අතර කිසිදු හේතුවක් මත භාර නොගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් අවධාරණය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top