නාමල් රාජපක්‍ෂට විදෙස් ගතවීමට අවසර …

මුදල් විශුද්ධීකරනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විදේශ ගමන් තහනමට ලක්ව ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂට විදේශ ගත වීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (22) අවසර ලබාදී තිබේ.

ඒ අනුව, පෙබරවාරි 26 වනදා සිට අප්‍රේල් 26 වනදා දක්වා කාලය තුළ පොදුරාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා පැවැත්වෙන වැඩසටහන් කිහිපයකට සහභාගි වීමට රුසියාව සහ නේපාලය යන රටවල සංචාරය කිරීම අවසර ලබා දෙන ලෙස නාමල් රාජපක්‍ෂ සිය නීතීඥවරුන් මාර්ගයෙන් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙලෙස විදේශ ගතවීමට අවසර ලබාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top