කිලිනොච්චිය, පුදුමුරිප්පුකුලම වැවේ තිබි තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි..

කිලිනොච්චිය, පුදුමුරිප්පුකුලම් වැවේ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් අද (22) උදෑසන හමුවී තිබේ. කිලිනොච්චිය,උදයනගර් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පී. දනූෂන් නැමැති තරුණයාගේ මළ සිරුර බව පොලීසිය හඳුනාගෙන තිබේ.

ත්‍රීරෝද රථ රියදුරෙකු වන ඔහු ඊයේ (21) සවස ත්‍රීරෝද රථයෙන් ගමනක් ගොස් ඇති අතර, රාත්‍රියේ නිවස වෙත නොපැමිණි බවට මියගිය පුද්ගලයාගේ දෙමව්පියන් විසින් පැමිණිළි කර තිබේ.

මෘත ශරීරය කිලිනොච්චිය රෝහලේ තැන්පත් කර තිබෙන අතර, මරණය සැක සහිත හෙයින්, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top