ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලියට ගත යුතු ක්‍රියාමාර්ගය ගැන සොයා බැලිය යුතුයි – සයිද් අල් හුසේන්

ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරලීම සම්බන්‍ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන සොයා බැලිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සයිද් අල් හුසේන් මහතා පවසා තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 37 වන සැසිවාරය සඳහා වු වාර්තාව ඉදිරිපත් කරමින් ඔහු මේ බව පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව සමඟ ශ්‍රී ලංකා රජය පවත්වාගෙන යන ඵලදායි සම්බන්‍ධතාවය ගැන ප්‍රසංශා කර ඇති අල් හුසේන් මහතා, සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ වැඩපිළිවල ක්‍රියාත්මක කිරීමේ කටයුත්ත පසක දමා ඇති බවද පවසා තිබේ.

අපරාධ ක්‍රියාවලට වගවීම සම්බන්‍ධයෙන් ශ්‍රී ලංකාව ඉතා මන්දකාමීව කටයුතු කරන බවද හෙතෙම චෝදනා කර තිබෙන අතර, පොදුවේ මානව හිමිකම් කටයුත්ත සම්බන්‍ධයෙන් ශ්‍රී ලංකාව තුල යම් ප්‍රගතියක් දැක්නට තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 37වන සැසි වාරය ලබන සඳුදා සිට මාර්තු 23වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top