SRILANKAN NEWS

කිලිනොච්චිය මධ්‍යම විදුහලේ ක්‍රීඩාංගනයත් හමුදාව අත්පත් කරගත්තා ද?

කිලිනොච්චිය මධ්‍යම විදුහලේ ක්‍රීඩාංගනයත් හමුදාව විසින් අත්පත් කරගෙන දැයි පාසලේ සිසුන්, දෙමව්පියන් සහ ආදි ශිෂ්‍යන් ප්‍රශ්ණ කර තිබේ. දිස්ත්‍රික්ක මලල ක්‍රීඩා තරඟ පැවැත්වීමට නියමිත කාලය තුල තම පුහුණු කටයුතුවලට බාධාවක් වන අයුරින් හමුදාව තම උත්සවයන් පවත්වන බවට සිසුන් පවසති.

යුද්දය අවසන් වී වසර 9ක් ගතවූ නමුත් කිලිනොච්චිය මධ්‍යම විදුහලේ ක්‍රීඩාංගනය තවඳුරටත් හමුදාව යටතේ පවතින්නේ දැයි ප්‍රශ්ණ කර තිබේ. කිලිනොච්චිය නගරයේ පිහිටි පාසලක් හමුදාව අත්පත්කරගෙන සිටින සිය ඉඩම නිදහස් කර ගැනීමට දැඩි වෙහෙසක් දරමින් සිටින අතර මෙම පාසල හමුදාව සඳහා තම ක්‍රීඩාංගනය ලබා දෙමින් සිටියි.

මධ්‍යම විදුහල් ක්‍රීඩාංගනය තම අවශ්‍යතාවයන් සඳහා භාවිතා කර ගැනීමේ අරමුණින් ක්‍රීඩාංගනය වටා තාප්පය හමුදාව විසින් ඉදිකරදී තිබේ. මේ හේතුවෙන් මෙම පාසල ඉදිරි අනාගතය පුරාම හමුදා අවශ්‍යතාවයන් සඳහා යොදා ගැනීමේ අවධානමක් මතුවී තිබේ.

මේ අතර, පසුගිය දින කිහිපයකට පෙර මෙම පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය පැවැත්වූ අතර, එහිදී හමුදාව විසින් වේදිකාව තනාදී තිබුණි. තරඟ අවසානයේදී ඒ සඳහා හමුදාවට ස්තුතිය ද පළ කෙරුණි.

අද දින හමුදාවේ ජාතික කඹ ඇදීමේ තරඟය කිලිනොච්චිය මධ්‍යම විදුහලේ පැවැත්වුණි. හමුදාව විසින් නිතර මෙවැනි උත්සවය පැවැත්වීම හේතුවෙන් දෙමළ ජනතාවගේ සංස්කෘතික, කලා උත්සවයන් අදාළ කාලයන් තුල පැවැත්වීමට නොහැකි තත්වයක් ඇතිවී තිබේ. පසුගිය වසරේ මැයි මස ආඩි මාසය සඳහා එක්තරා ආයතනයක් විසින් සංස්කෘතික වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සූදානම් කළ අවස්ථාවේ, හමුදාවේ වෙසක් උත්සවය හේතුවෙන් එයට අනුමැතිය නොලැබුණි.

පාසල් පරිපාලනයේ සිටින කිහිප දෙනෙකු විසින් මෙම සම්න්‍ධයෙන් තීන්දු තීරණ ගන්නා බවත්, සෙසු ගුරුවරුන් සහ සිසුන්ට මෙම කටයුත්තට අතෘප්තිය පළ කර සිටින බවට පාසල් ගුරුවරයෙකු පැවැසීය.