හන්තාන රක්ෂිතයේ ඇතිවූ ගින්නකින් අක්කර විස්සක් විනාශයට

හන්තාන රක්ෂිතයේ ඇතිවූ ගින්නකින් අක්කර විස්සක් විනාශයට පත්වී ඇති බව වාර්තාවේ.

මහනුවර හන්තාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අසල ප්‍රදේශයේ දී ගින්න හටගෙන ඇති අතර, මහනුවර පොලීසිය හා නාගරික ගිනි නිවීම් ඒකකය එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබේ.

පැය හතරක් වැනි කාලයක් තුළදී ගින්න නිවා දැමීමට සමත්ව තිබේ. ඇතැම් පුද්ගලයින් සතුන් දඩයම් කිරීමට මෙන්ම විනෝදාංශයක් ලෙස කැලෑ ගිනි තබන බව ප්‍රදේශවාසීන් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top