SRILANKAN NEWS

නිදහස් සන්ධානයේ කැබිනට් සංශෝධනය ඉදිරි සති දෙක ඇතුළත..

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මැති ඇමැතිවරුන්ගේ කැබිනට් මණ්ඩල සංශෝධනය ඉදිරි සති දෙක ඇතුළත සිඳුකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද (25) දින පෙරවරුවේ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් දිවුරුම් දීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අවශ්‍ය වෙනස්කම් ද ඉදිරියේදී සිදුකරන බවත්, රටේ ජනතාවගෙන් ලැබී ඇති පණිවිඩය අනුව රජයේ කටයුතුවල අවශ්‍ය වෙනස්කම් සහ නිවැරදි කිරීම් සිදු කරමින් රටත්, ජනතාවත් වෙනුවෙන් කි‍්‍රයාත්මක කළයුතු ඉදිරි වැඩපිළිවෙළ සාර්ථකව කි‍්‍රයාවට නංවන බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කර තිබේ.