දියතලාව බස් රථයේ පිපිරීම ගැන මූලික පරික්ෂණ උසාවියක් පත්කරයි..

පසුගියදා දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ දී බස් රථයක් තුළ සිදු වූ පිපිරීම සම්බන්ධව සොයා බැලීමට මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් සහ සන්නද්ධ බුද්ධි බලකායේ කර්නල් සේනාවිධායක යන යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු සාමාජිකයින් හයදෙනෙකුගෙන් සමන්විත මුලික පරික්ෂණ උසාවියක් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් පත් කර ඇත.

මෙම මූලික පරික්ෂණ උසාවි වාර්තාව ඉතා කෙටි කාලයක් තුළ දී යුද හමුදාපතිවරයාට ලබාදීමට නියමිතය.

මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින් ලෙස මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ඊ.ආර්.පී වීරවර්ධන, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් පී.එම්.එල් චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු අණසක හි කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් පී.පී.ඒ පෙරේරා, 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එච්.ඩී.ජේ.පී. වීරතුංග සහ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ, න්‍යෂ්ඨික ජෛව හා රසායනික අංශයේ පර්යේෂණ නිලධාරි මේජර් එන්.ඒ.බී.එම්.එස් නිශ්ශංක කටයුතු කරනු ලැබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top