එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37වැනි සැසිවාරය අද ආරම්භ වේ..

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි මහ සභා සැසිවාරය අද (26) ආරම්භ වීමට නියමිතය.

ඒ ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර පිහිටි එම කවුන්සිල මුලස්ථානයේදිය.

මෙම සැසිවාරයේදි ශ්‍රී ලංකාව ඇතුලූ සාමාජික රටවල් 47ක මානව හිමිකම් ප්‍රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු විසින් වාර්ෂික නිල වාර්තාවක් ඉදිරිපත් කිරිමටද නියමිතව තිබේ.

මෙරට මානව හිමිකම් සුරක්ෂිත කිරීම අතින් මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳ ප්‍රගති ප්‍රකාශයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් ලබන මාර්තු 21 වනදා ජිනීවා නුවරදී සිදුකිරීමට නියමිත බවද වාර්තාවේ.

ඒ අනුව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ප්‍රගති ප්‍රකාශනය සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් කරුණු දැක්වීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිසක්ද ජිනිවා නුවර බලා පිටත්ව යෑමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top