කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම අද

කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම අද (26) දින සිදු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

මෙවර විභාගය සදහා වයස අවුරුදු 18 සිට 39 දක්වා ශ‍්‍රී ලාංකික පුද්ගලයින්ට අයදුම්කළ හැකි වන අතර හෙට, අනිද්දා සහ මාර්තු 01, 02 යන දිනයන්හීදි සිදු කෙරෙන බවත් එම අයදුම්පත් දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 18 කදී පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ගැනීමටද අවස්ථාව ලබාදී ඇත.

නිෂ්පාදන හා ඉදිකිරීම් යන ක්ෂේත‍්‍රය සහ භාෂා ප‍්‍රවීනතා විභාගය පරිගණක ආශ‍්‍රිතව පැවැත්වෙන අතර ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ විභාගය මාර්තු මස 19 – මැයි 04 දක්වාද, නිශ්පාදන ක්ෂේත‍්‍රයේ විභාගය මැයි 25 – ඔක්තොම්බර් 5 දක්වා පැවැත්වීමට විදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top