SRILANKAN NEWS

අලුත් මැතිවරණ ක්‍රමයට වඩා පැවති ක්‍රමය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීයි – මනෝ ගනේෂන්

අලුත් මැතිවරණ ක්‍රමයට වඩා පැවති ක්‍රමය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වූ බව එක්‌සත් ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

මහනුවරදි පක්ෂ හිතවතුන් කණ්ඩායමක් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්‌ඩුවට පාඩමක්‌ ඉගැන්වූ බවත්, මැතිවරණ ප්‍රතිඵල අනුව ජනතාව ආණ්‌ඩුවට කනේ පහරක්‌ ගැසූ බව අමාත්‍ය චම්පික මහතා කියන නමුත් තමා කියන්නේ එය කනේ පහරක්‌ පමණක්‌ නොව ආණ්‌ඩුවට කන පැලෙන්ට පහරක්‌ ගැසුවා කියා බවත් ය.

“රජයක්‌ ජනතාවට සේවය කළ යුතුයි. වැඩ කිරීමට දක්‌ෂකමක්‌ තිබිය යුතුයි. නමුත් දක්‌ෂයන්ට රජයෙන් තැනක්‌ ලැබෙන්නේ නැහැ.අපේ පක්‍ෂය තනිවම වැඩ කරන්නේ නැහැ. අපි එකමුතුව වැඩකරනවා. අපේ ශක්‌තිය තමයි දිගම්බරම් සහ රාධක්‍රිෂ්ණන් මහත්වරු අපි කකුල් දෙක දෙපැත්තේ තියාගෙන නැහැ.නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය අවුල් සහගතවූ බවද පැවැති මනාප ක්‍රමය මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමයක්‌. කොළඹ නගරාධිපති වශයෙන් රෝසි සේනානායක මහත්මියටත් වැඩ කිරීම පහසු නෑ. මගේ පක්ෂයේ 11 ගේ සහය ඇයට අවශ්‍ය වෙනවා.” අමාත්‍යවරයා පවසා සිටියා.