සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කරයි…

ගුවන් හමුදා මුලස්ථානයේ දී නවතමයෙන් පිහිටුවන ලද ආරක්‍ෂක අමාත්‍යංශයීය සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානය ඊයේ (26) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා අතින් විවෘත කරන ලදී.

නව සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව ගුවන් හමුදාපතිවරයා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ආරක්ෂක ලේකම්වරයා ගුවන් හමුදා සංකීර්ණයේ නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත විය.

නව සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානය පැය 24 පුරා ක්‍රියාත්මක අධීක්‍ෂණ මධ්‍යස්ථානයකින් සහ සයිබර් ආරක්‍ෂක විශ්ලේෂණ මධ්‍යස්ථානයකින් සමන්විත වේ. මෙම නව මෙහෙයුම් මධ්‍යස්ථානය තුල ත්‍රිවිධ හමුදාවේ සයිබර් ආරක්‍ෂක විශේෂඥයින් සේවය කිරීමට නියමිතය.

මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ගුවන් හමුදා නිළධාරීන් රැසක් සහභාගී වී සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top