සාම ප්‍රජා වැඩසටහන නැවත ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකාව සමඟ ගිවිසුමක්..

ශ්‍රී ලංකාවේ සාම ප්‍රජා වැඩසටහන නැවත ක්‍රියාත්මක කිරීමට අමෙරිකා එක්සත් ජනපදය සමඟ නව ද්වීපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තබයි.

මේ සඳහා වන ද්වීපාර්ශ්වික ගිවිසුමට අත්සන් කිරීම අරලියගහ මන්දිරයේ දී ඊයේ (26) සිදුකෙරුණු අතර එක්සත් ජනපද සාම හමුදාවේ වැඩබලන අධ්‍යක්ෂ ශීලා ක්‍රොවිලි මහත්මිය සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඊට අත්සන් කළහ.

මෙම ගිවිසුමට අත්සන් කිරීම ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කොට වසර 70ක් සම්පූර්ණ කිරීමේ අවස්ථාවක් වන අතර දෙරට අතර පවතින සහයෝගීතාවයේ දීර්ඝ ඉතිහාසය පෙන්වන්නක් බව ද ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top