අතුරුදන්වූවන් යළි තම ඥාතීන් සමඟ එක්වීමට ප්‍රාර්ථනා කරනවා – ජපාන බෞද්ධ භික්‍ෂුන්

ශ්‍රී ලංකාවේ අතුරුදන්වූවන් යළි තම ඥාතීන් සමඟ එක්වීමට තමන් ප්‍රාර්ථනා කරන බවට ජපානයේ සිට පැමිණ සිටින බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා පවසයි. යුද්දයෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් සර්වාගමික පාගමන් සිඳුකරන කණ්ඩායම අද (26) දින කිලිනොච්චියදී අතුරුදන්වූවන්ගේ ඥාතීන්ව හමුවිය.

කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල අසල දින 372ක කාලයක් තම ඥාතීන්ව නිදහස් කර දෙන්නැයි ඉල්ලා සත්‍යග්‍රහයක නිරතව සිටින ජනතාව හමුවූ ඉකුත් කණ්ඩායම අද දහවල් ආගමික වතාවන්ද සිදු කළේය.

ජපානය, යුරෝපා, ඉන්දියාව, ඇමරිකාව ඇතුළු විවිද ප්‍රදේශවලින් පැමිණි බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා එම ජනතාව හමුවීම විශේෂත්වයකි.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top