ලලිත් වීරතුංගගේ පෙත්සම සළකා බැලීම 2 වැනිදාට..

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වසර 03ක සිර දඩුවම් නියම වී සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා තමන්ට විදේශගත වීමට අවසර දෙන ලෙස ඉල්ලා සිදුකළ ඉල්ලීම පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කරන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට ඊයේ (27) දැනුම් දී තිබේ.

ඒ අනුව කටාරයේ සහ ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික සංචාරයට අවසර ලබාදෙන ලෙස කළ ඉල්ලීම මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ලබන 02 වැනි දා සළකා බැලීමට අභියාචනාධිකරණය අද තීන්දු කර තිබේ.

ලලිත් වීරතුංග මහතා ගොනු කළ එම ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ කැදවූ අවස්ථාවවේදී මෙම තීන්දුව ලබා දී ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපති නම් කරනු ලැබ තිබේ.

තම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඉකුත් ජනවාරි 29 වැනි දා මහාධිකරණය ලබා දුන් තීන්දුව ඉවත දමා තමන්ට විදේශ ගතවීමට අවසර දෙන ලෙසද ලලිත් වීරතුංග මහතා සිය ප්‍රතිශෝධන පෙත්සම මගින් ඉල්ලා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top