උතුරු පළාත් සභා මන්ත්‍රීවරයාගේ පළමු කතාව ජගත් මානව හිමිකම් සභාවට..

උතුරු පළාත් සභා මන්ත්‍රීවරයාගේ පළමු කතාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා වෙත යැවීමට පියවර ගන්නා ලෙස උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා සභා නායකයා වෙත ඉල්ලා තිබේ. උතුරු පළාත් සභාවේ 117වැනි සැසිවාරය අද (27) දින පැවැත්වුණි.

එහිදී උතුරු පළාත් සභාවේ නවක මන්ත්‍රීවරයා ලෙස දිවුරුම් දුන් දෙමළ ජාතික සන්ධානයේ සබාරත්නම් කුහදාසන් සභාව අමතා සිය පළමු කතාව පවත්වා තිබේ.

වන්නි යුද්දයේ දී ජනතාව මුහුණ දුන් ගැටළු, යුද අපරාධ, කඳවුරු ජීවිතය, හමුදා බලහත්කාරකම් ගැන දීර්ඝ කතාවක් පවත්වා තිබුණි. ඔහුගේ කතාවෙන් අනතුරුව, මන්ත්‍රීවරයා කරුණු රැසක් ඉදිරිපත් කර තිබෙනවා, එමෙන් ඔහුගේ මේ කතාවේ පිටපතක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා වෙත යැවීමට පියවර ගත යුතු යැයි මහ ඇමැතිවරයා සභා නායක සී.වි.කේ. සිවඥානම් මහතාගෙන් ඉල්ලා සිටියේය.

අනතුරුව, මන්ත්‍රීවරයාගේ කතාව මානව හිමිකම් කොමසාරිස්වරයා වෙත යැවීමට කිසිඳු බාධාවක් නොමැති බවත් එය කොමසාරිස්වරයා වෙත ලැබීමට පියවර ගන්නා බවට සභා නායකවරයා පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top