තමන් වරදක් කර නොමැති නම් රටින් පැනයාමේ කිසිදු වුවමනාවක් නොමැති බවත් තමන් සිංගප්පූරුව බලා පිටත්ව ගියේ මංගල උත්සවයකට සහභාගි වීම සදහා බවත් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පවසා සිටියි.
සිංගප්පූරුවේ සිට මෙරටට ඊයේ (03) පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපළේදි මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි. තමන් වැරදිකරුවෙකු බව මෙතෙක් කවුරුන් විසින් හෝ නම්කර නොමැති බවත් නීතිපතිවරයා ලබාදෙන්නාවූ ඕනෑම තීරණයකට එකග වන බවත් අර්ජුන් මහේන්ද්‍රන් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටින ලදී.
Add Comment