තණමල්විල ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක් තුළ තිබී පිළිස්සී ගිය මළ සිරුරක් හුමවෙයි..

තණමල්විල පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමක දී තණමල්විල කුකුල්කටුව ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක් තුළ තිබී පිළිස්සී ගිය මළ සිරුරක් හමුවී තිබේ.

ත්‍රීරෝද රථය ද පිළිස්සී විනාශ වී ඇති අතර, ඒ තුළ පිළිස්සී මිය ගොස් සිටි පුද්ගලයා තණමල්විල ගඟේයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන තිබේ.

මෙම පුද්ගලයාට ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර ඔහු අධිකරණය මඟින් ඇප මත මුදාහැර සිටි පුද්ගලයෙකු බව තණමල්විල පොලීසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්‍ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top