පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8ක් විවෘත වෙයි..

පොළොන්නරුවට පැවැති දැඩි නියගය හමාර කරමින් දින දෙකක් පුරා පැවැති දැඩි වර්ෂාව හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයෙන් අටක් විවෘත කර ඇති බව පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂක එස් කේ හේවගේ මහතා පවසයි.

අඩි එක බැගින් වාන් දොරටු හයක් ද, අඩි දෙක බැගින් දොරටු දෙකක් ද ඊයේ (27) රා‍ත්‍රී අටවන විට විවෘත කළ බව එම මහතා සඳහන් කරයි.

මේවන විට පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි එක් ලක්ෂ 17,000 ඇති බවත් දොරටු අටක් විවෘත කිරීමෙන් තප්පරයට ඝන අඩි 1400ක් පිටවන බවත් මෙම ජලය මහවැලි ගගට මුදාරින බවත් හෙතෙම වැඩිදුරටත් පවසයි.

මේ හේතුවෙන් ගඟ දෙපස සිටින හා ගඟ පරිහරණය කරන ජනතාව අවධානයෙන් සිටින මෙන් පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා ඉල්ලා සිටියි.

මෙලෙස විවෘත කරන ලද වාන් දොරටු තුළින් ජලය පිටවන අයුරු පහත දැක්වේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top