පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත ශ්‍රී ලංකාවට

පුද්ගලනාශක බිම් බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත මිරෙද් රාද් සෙයිද් අල් හුසේන් කුමරු ලබන 5 වනදා දින තුනක සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තාවේ.

ශ්‍රී ලංකා රජයේ ඇරයුමකට අනුව දිවයිනට පැමිණෙන මිරෙද් රාද් සෙයිද් අල් හුසේන් කුමරු ජනාධිපති, අගමැති ඇතුළු මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු හමුවී සාකච්ඡා කිරීමට නියමිත අතර, උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ගැන ද සොයා බැලීමට නියමිත බව පැවැසේ.

පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීමේ ඔටාවා සම්මුතියට පසුගිය වසරේදී ශ්‍රී ලංකා රජය ද එක්වුණි. 1997 දෙසැම්බර් තුන් වනදා ආරම්භ වූ මෙම සම්මුතිය බලාත්මක වූයේ 1999 මාර්තු පළමු වනදා වන අතර, දැනට රාජ්‍ය 164 ක් ඊට ඇතුළත්ව සිටීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top