ජාතික හැඳුනුම්පත් ලබාදීමේ වයස් සීමාව අවුරුදු 15 දක්වා පහළට

ජාතික හැඳුනුම්පත් ලබා දීමේදි මෙතෙක් පනවා තිබූ වයස තවත් අවුරුද්ධකින් පහළ දැමීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තු තීරණය කර ඇත.

ඒ අනුව මෙතෙක් පැවති වයස අවුරුදු 16යේ සීමාව වයස අවුරුදු 15 දක්වා පහළ දමා ඇත.

එම නිසා වසය අවුරුදු 15 සම්පූර්ණ වූ පුද්ගලයින්ට ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා අයැදුම් කළ හැකි බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

මීට පෙර ජාතික හැඳුනුම්පත් ලබාගැනීමේ සීමාව අවුරුදු 16 සම්පූර්ණ කළ යුතු වූ බැවින් අ.‍පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලු සිසුන් සඳහා ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට නොහැකි වූ බවත් මේ නිසා පසුගිය වසරේ සිට ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු වයස් සීමා අඩු කළ බවත් ඒ මහතා පැවැසීය.

මේ හේතුවෙන් 11 ශ්‍රේණියට ඇතුළු වන සියලුම සිසුන්ට ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට හැකිවන බවත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සියලු සිසුන්ට ජාතික හැඳුනුම්පත් ලබාගත හැකි බවත් ඒ මහතා පැවැසීය.

කෙසේ නමුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු නොකරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top