ඉරණවිල දරුවා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්‍ධ සැකකරු මුල්ලතිව් ප්‍රදේශයෙන් අත්අඩංගුවට

හලාවත ඉරණවිල අවුරුදු නවයක දරුවකු අපයෝජනය කර මරා දැමීයැයි කියන සැකකරු මුලතිව් නයාරු ධීවර ගම්මානයේ සැඟවී සිටියදී ඊයේ(04) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

ගිරව් අල්ලා දීමට යැයි කියමින් දරුවා කැළයට රැගෙන ගොස් අපයෝජනය කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

දරුවා අපයෝජනය කර මරා දැමූ බවට සැක කරන පොල් කඩන පුද්ගලයා සොයා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබිණි. ඒ අනුව සැකකරු ඊයේ උදේ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා සැකකරු හලාවත පොලීසිය වෙත භාර දෙන බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top