තඹුත්තේගමදී අත්අඩංගුවට පත්වූ ගොවීන්ට ඇප

තම වාගාවට ජලය ගන්නා රාජාංගනය වැවේ ජලය උපයෝගි කරගෙන පානීය ජල ව්‍යාපෘතියක් සිදු කිරීමට ආණ්ඩුවේ තිබූ සූදානමට එරෙහිව විරෝධතාවයේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් ගොවී 49 දෙනා අද (5) තඹුත්තේගම මහෙස්ත‍්‍රාත් කේ.ඒ.රමිලා නදීෂාණි මහත්මිය වෙත යොමු කිරිමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ.

එක් අයකුට ලක්ෂයක ශරීර ඇප මත ලක්ෂ 49ක ශරීර ඇප සහිතව නිදහස් කරන ලෙසත් සෑම මසකම අවසන් ඉරිදා තඹුත්තේගම පොලීසියේ පෙනී සිටින ලෙසත් ඔවුන්ට නියෝග කර ඇත.

මේ පිළිබඳ නඩුව නැවත අප්‍රේල් 02 කැඳවීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top