නිදහස තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ.

නිදහස තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (06) ආරම්භවේ.

එහි පළමු තරගය ලෙස සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම තරග වැදීමට නියමිතය.

මෙවර ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ෂර්මාට හිමිවී ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිවී තිබේ. එමෙන්ම මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඳුමේ වෙනසක් සිදුකරන බවට ද වාර්තා වේ. එම වෙනස නිදහස් කුසලාන තරගාවලිය සඳහා පමණක් සිදුකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනු ලැබේ.

මේ අතර තරගාවලියට එක්වන බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩක සංචිතයේ ද යම් වෙනස්කම් ඇතිවී ඇති බවයි වාර්තා වේ. බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන් ඇඟිල්ලේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත් කර ඇත. ඒ වෙනුවට ලිටෝන් දාස් කණ්ඩායමට කැඳවා ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් සඳහන් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top