දින 10කට හදිසි නීතිය පනවයි

රට තුල දින 10 ක කාලයක් සදහා මෙරට තුල හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබේ.

මහනුවර තෙල්දෙණිය – දිගන ප්‍රදේශයන්හි හට ගෙන ඇති කලහකාරී තත්ත්වය හේතුවෙන් අද(06) සිට දින 10ක් පුරා රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් නියෝග කළ බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

අද දින පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

පසුගිය දා මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුන බවට ඇතැම් පිරිස් චෝදනා කර ඇති හෙයින්, ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගනු ලැබු බවත් මේ සම්බන්ධ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

මෙරට යුධ සමයෙන් පසුව හදිසි නීතිය පනවන පළමු අවස්ථාවද මෙයයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top