කිලිනොච්චියේ කෝවිලක් කඩා එහි තිබූ ආභරණ හා මුදල් කොල්ල කාලා

img_8387කිලිනොච්චිය ආනන්තනගර් ජයතුර්කයි අම්මන් කෝවිල ඊයේ (04) රාත්‍රී කඩා එහි තිබූ ආභරණ හා මුදල් සොරකම් කරගෙන ගොස් ඇති බව වාර්තාවේ.

කෝවිලේ දොරටුව කඩා හෝ නැතිනම් කෝවිල් මණ්ඩපයේ ඉහළ තිබෙන සිඳුරෙන් සොරුන් ඇතුලට පැමිණ ඇතැයි සැක පළකර තිබේ. එහිදී පවුම් පහක් වටිනා රන් ආභරණ සහ කෝවිල් පිං කැටයේ තිබූ රුපියල් දහ දාහක පමණ මුදලක්ද සොරාගෙන ගොස් ඇති බවට කෝවිල් පරිපාලකයන් පවසා සිටියි.

මේ සම්බන්‍ධයෙන් කිලිනොච්චිය පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, කිලිනොච්චිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

img_8383 img_8396

img_8392 img_8390
– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top