ඉන්දු – ලංකා විශේෂ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවක් අද පැවැත්වේ.

meeting සාකච්ඡාඉන්දු – ශ්‍රී ලංකා ගැටලුව පිළිබඳ අමාත්‍ය මණ්ඩල සාකච්ඡා අද (5) පස්වරුවේ නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිතය.

ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මියගේ ආරාධනයකට අනුව මෙම සාකච්ඡා පැවැත්වෙන අතර, ඊට සහභාගී වීම සඳහා මෙරට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් ඉන්දියාවට ගොස් තිබේ.

ඉන්දු ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් දැනට දිගු කාලයක් පුරා සාකච්ඡා පැවැත්වුව ද මේ දක්වාත් අවසන් තීරණයකට එළඹීමට හැකියාව ලැබී ‍නොමැත.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top