කිලිනොච්චියදී ඇමරිකානු ජාතිකයෙකු ඝාතනයට

ඇමරිකාවේ පුරවැසි භාවය හිමි පුද්ගලයෙකු කිලිනොච්චියදී ඝාතනයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලීසිය සඳහන් කරයි. ඊයේ (6) දින නාඳුනන පිරිසක් විසින් පහරදීමකට ලක්ව රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහු අද (7) දින මියගොස් තිබේ.

කිලිනොච්චිය සෙල්වනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි රත්තිනම් තුරයිසිංහම් (වයස71) නැමැති පුද්ගලයෙකු මෙලෙස මියගොස් තිබේ. මෙලෙස ඝාතනයට පත්වූ පුද්ගලයා ඇමරිකාවේ පුරවැසි භාවය හිමි පුද්ගලයෙකු බවත්, ඔහුගේ දරුවන් කැනඩාවේ ජිවත් බව බවද පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

එම පුද්ගලයා තම ඉඩමේ පිහිටි නිවස පරීක්‍ෂා කිරීමට පැමිණි අවස්ථාවේ දී මෙලෙස පහරදීමකට ලක්වී ඇති අතර, සිද්ධිය සම්බන්‍ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත. කිලිනොච්චිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top